24th December 2023 23:57:44 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ ඉංජිනේරු සේවා අධ්යක්ෂ ඉංජිනේරු සේවා බලකායේ බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ. එදිරිසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය ඉරිදා (24) දින සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 52 වන වියේ පසුවිය.
දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව ලබන බදාදා (දෙසැම්බර් මස 27) දින සන්ධ්‍යාවේ 04.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. එතුමන්ගේ දේහය අතුරුගිරිය, අන්නාසිවත්ත, ඉද්දමල්වත්ත මාවතේ අංක 974/80 සී දරණ නිවසේ තැන්පත් කර ඇත.