23rd December 2023 14:35:30 Hours
පුලියන්කුලම දකුණු ග්රාමසේවා වසමේ පලේවාඩි වැව පිටාර ගැලීමෙන් ප්රදේශයේ මාර්ගයන් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා ඇති විය. එහිදී, 561 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 16 ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යුද්ධ හමුදා ට්රැක්ටර් රථ භාවිතා කරමින් දෙසැම්බර් මස 19-21 යන දිනයන්හිදී පාසල් ළමුන් සහ සිවිල් වැසියන් ප්රවාහනය කිරීමට කටයුතු කළහ.
අධික වර්ෂාපතනයෙන් පලේවාඩි වැව පිටාර ගැලීම හේතුවෙන් පලේවාඩි සිට පුලියන්කුලම දක්වා වූ මාර්ගය අඩි 3 - 4ක පමණ මට්ටමකට ජලයෙන් යටවිය.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම් කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත 561 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ජී.ඒ මලන්දය ආර්එස්පී සහ 16 ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ ගේ අධීක්ෂණය යටතේ භටපිරිස් මෙම මානුෂීය සේවාවන් සිදුකරනු ලැබූහ.