Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2023 20:27:41 Hours

මුලතිව් භටපිරිස් අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සේවා සලසයි

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 641 පාබල බලසේනා භටපිරිස් විසින් වසන්තපුරම්, කෙරෙනමඩු, පණ්ඩරවානි, මුත්තුනායගපුරම්, පේරාරු සහ කුලමුරිප්පු යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවල ජීවත් වන විපතට පත් සිවිල් ජනතාව තාවකාලිකව පදිංචිව සිටින ආපදා සහන සේවා මධ්‍යස්ථාන පහකට අවශ්‍ය ආහාර සහ තාවකාලික වාසස්ථාන ලබාදීමට කටයුතු කරන ලදී.

641 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ඇතුළු එම බලසේනාවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින්, 64 පාබල සේනාංකය සමගින් එක්ව සිවිල් සංවිධාන සහ පොලීසිය සමඟ සහයෝගීතාවයෙන් යුතුව ආපදාවට ලක්වූ සිවිල් වැසියන් ආපදා සහන සේවා මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන යූඑස්පී එන්ඩීසී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින මන්නාකන්දාල් ප්‍රාථමික විද්‍යාලයේ සහ පණ්ඩරවේනියන් විද්‍යාලයේ පිහිටි එම ආපදා සහන මධ්‍යස්ථාන වෙත ගොස් නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අවතැන් වූවන්ගේ අවශ්‍යතාවයන් විමසා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

අධික වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින ඔටියමලෙයි ග්‍රාම නිලධාරී වසමේ තන්නිමුරිප්පු වැවෙහි ජල මට්ටම ඉහළ ගොස් වැව් බැම්මෙහි ඇතිවූ ජල කාන්දුවක් 592 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිට් 14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් අළුත්වැඩියා කර පිළිසකර කරන ලදී.