Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2023 05:33:32 Hours

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාන්ඩලික ‘PUAC’ මෙරට ශාඛාවේ ගෞරවනීය උපදේශක සාමාජිකයෙකු ලෙස නම් කරයි

‘The Peaceful Unification Advisory Council’ (PUAC) ශ්‍රී ලංකා ශාඛාව මගින් හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලීසිය සඳහා සංවිධානය කරන ලද ‘Peace, Security and Public Diplomacy’ සම්මන්ත්‍රණය පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින ගලධාරි හෝටලයේදී පැවැත්විණි.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙරට කොරියානු ජනරජයේ තානාපති අතිගරු මියෝන් ලී (Miyeon Lee) මහතා සහභාගී වීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර, එහිදී යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික විසින් ‘Nexus between Sri Lanka and the Republic of Korea in the Indo Pacific Oceans: The Context of Fifth-Generation Warfare’ යන මාතෘකාව යටතේ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

සම්මන්ත්‍රණය අතරතුරදී, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාන්ඩලික, ‘PUAC’ ශ්‍රී ලංකා ශාඛාවේ ගෞරවනීය උපදේශක සාමාජිකයෙකු ලෙස නම් කරමින් එතුමන්ට ගෞරව දැක්වීය.

සම්මන්ත්‍රණය සඳහා ‘The Peaceful Unification Advisory Council’ හි නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් මෙම සහභාගී වූහ.