Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2023 19:13:43 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ නව සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි

මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් එච්.පී.එල් ද අල්විස් යූඑස්පී එල්එස්සී හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ පසුගියදා ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

උත්සව අවස්ථාවට එම පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.