06th December 2023 20:04:02 Hours
අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ ස්ථාපිත 241 පාබල බලසේනාවේ අභිමානවත් 10 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සියලු නිලයින් සමඟින් සමූහ ඡායාරූපයකට ද එතුමන් එක් විය.
උත්සව අවස්ථාව අතරතුර, 241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ ප්‍රධාන දොරටුව, නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා වූ නිවාඩු නිකේතනය නිල වශයෙන් විවෘත කරන ලදී. 24 පාබල සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ 241 පාබල බලසේනාවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් එම ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබූහ.