Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th December 2023 20:01:48 Hours

8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 30 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 30 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 03) දින ජීවනගර් ප්‍රදේශයේ පිහිටි එම ඒකක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.

සංවත්සර දිනයේදී කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි 8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය.