06th December 2023 20:07:41 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 72 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 28) දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
සංවත්සර දිනයේදී එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
බලකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, එදින සන්ධ්‍යාවේ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරඟයක් ද පැවැත්වීය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සාමාජිකයන් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.