Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2023 21:45:29 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි, 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 29) දින නෙළුම්කුලම, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරිනී මේජර් එස්.එච්.එස් මධුභාෂිනී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව, අණදෙන නිලධාරීතුමිය එතුමන් වෙත එම ඒකකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය – වන්නි බලප්‍රදේශය තුළ වෛද්‍ය මධ්‍යස්ථාන හා වෛද්‍ය වෘත්තිකයන් යෙදවීම සහ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය මගින් පවත්වනු ලබන පාඨමාලා පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි විසින් බලප්‍රදේශයේ භටපිරිස් සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ද සාකච්ඡාවක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි විසින් හමුදා හෙද පුහුණු පාසලට වෙන්කර ඇති ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් ද එක් වූහ.

සෙසු නිල භටනිවාස පරිශ්‍රයේ සුබසාධන පහසුකම් ද එතුමන්ගේ නිරීක්‍ෂණයට ලක්විය.

නිල සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති – වන්නි වෙත 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරීතුමිය විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් එම ඒකකයේ භටපිරිස් සමඟ සමූහ ඡායාරූප කිහිපයක් සඳහාද එක් වූහ.

3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිල සංචාරය කිරීමෙන් පසු එතුමන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ හමුදා වාට්ටුව වෙත ගොස් එහි ප්‍රථිකාර ලබන හමුදා රෝගීන් සමඟ සුහඳව අදහස් හුවමාරු කර ගත්හ.

රෝහල් වාට්ටුවේ පහසුකම් පරීක්‍ෂා කර ඒවා වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් එම රෝහල් පරිශ්‍රයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු ද නිරීක්‍ෂණය කරනු ලැබීය. මෙම අවස්ථාවට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ද සහභාගී විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 29) දින 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ද නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිනි එතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.වී.ඒ.එම් විතානගේ ආර්එස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

නිල සංචාරය අතරතුරදී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිළධාරීතුමන් විසින් එම ඒකකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරන ලදී. අනතුරුව, එතුමන් එම ඒකකයේ ඉදිකරමින් පවතින බලළත් නිලධාරීන් සහ සැරයන් නිවස්න ගොඩනැගිල්ලේ සහ සන්නාහ සන්නද්ධ රථ අංගනයේ නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබීය.

කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන්, අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබූ අතර, 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිළධාරීතුමන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.