02nd December 2023 10:42:53 Hours
522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර ආර්එස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනාවේ භටපිරිස් යාපනය කෙවිල් රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 27) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
එම විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 45 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් ඔවුන් වෙත මෙම වැඩසටහනේදී පාසල් උපකරණ බෙදාදෙනු ලැබිණි. පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ භටපිරිස් විසින් එම සිසු සිසුවියන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.
වැඩසටහනේ සංවිධාන කටයුතු 522 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.