Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2023 20:16:48 Hours

‘මිත්‍ර ශක්ති - 2023’ යුද අභ්‍යාසයට සහභාගී වූ ශ්‍රී ලංකා භටපිරිස් යලි දිවයිනට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය හමුදාව ඒකාබද්ධව සංවිධානය කරන ලද ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය නොවැම්බර් මස 16 දින සිට 28 දින දක්වා ඉන්දියාවේ පූනේ හිදී සාර්ථකව පැවත්වූ අතර, එයට සහභාගී වූ මෙරට යුද්ධ හමුදාවේ නිලධාරීන් 29 දෙනෙකු සහ සෙසු නිලයින් 94 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 30) දින යලි දිවයිනට පැමිණෙන ලදී.

9 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය - 2023, සඳහා ඉන්දීය යුද්ධ හමුදාවේ සාමාජිකයින් 120 දෙනෙකු, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින් 123 දෙනෙකු, ඉන්දීය ගුවන් හමුදාවේ සාමාජිකයින් 15 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 05 දෙනෙකු සහභාගී වූ අතර, මෙම අභ්‍යාසය නොවැම්බර් මස 16 දින නිල වශයෙන් ආරම්භ වී නොවැම්බර් මස 28 දින නිල වශයෙන් පූනේ හි පිහිටි ආවුන්ද් (Aundh, Pune) හිදී නිල වශයෙන් අවසන් විය.

දිවයිනට පැමිණි එම කණ්ඩායම පිළිගැනීම සඳහා 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, අධ්‍යක්‍ෂ පුහුණු බ්‍රිගේඩියර් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 122 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එච්.එම්.යූ.බී කොලොන්ගහපිටිය යූඑස්පී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මත්තල, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පැමිණ සිටියහ.