30th November 2023 09:51:34 Hours
විශ්‍රාම දිවියට පා තබන බ්‍රිගේඩියර් ජේ.එම්.එස්.ජී.බී. ජයමහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 25) දින ගනේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ජේ.එම්.එස්.ජී.බී. ජයමහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.එස්.එස්.කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.
එතුමන් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමෙන් පසුව නිලධාරී නිවස්නයේදී සියලුම නිලධාරීන් සමගින් සමූහ ඡායාරූපයක් සඳහාද පෙනී සිටිනු ලැබීය. අනතුරුව, බ්‍රිගේඩියර් ජේ.එම්.එස්.ජී.බී. ජයමහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී සියලුම නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් ඇමතීය.
එතුමන් සියලුම නිලයින් අමතමින්, රාජකාරියේ යෙදී සිටින විට සහ ඉන් බැහැරව කටයුතු කරන විටදී සියලුම කමාන්ඩෝ භටයින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සංස්කෘතිය අනුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කල අතර, තම යුද්ධ හමුදා දිවිය තුළ සහයෝගයෙන් කටයුතු කල සියලුම යුද්ධ හමුදා ප්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් වෙත කෘතවේදීත්වය පුද කරමින් වසර 33ක යුද්ධ හමුදා සේවයේ වැදගත් සිදුවීම් මතකාවර්ජනය කරනු ලැබීය.
බ්‍රිගේඩියර් බී.එම්.එස්.එස්.කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී විසින් කමාන්ඩෝ රෙජිමේන්තුව වෙනුවෙන් සිදු කරන ලද සේවය අගයමින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කළේය.
උත්සව කටයුතු අවසන් කරමින් කමාන්ඩෝ ක්ලබ් හවුස් පරිශ්‍රයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, නිලධාරී නිවස්නයේදී එතුමන්, අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක් ද තැබීය. භටපිරිස් විසින් කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යන බ්‍රිගේඩියර් ජේ.එම්.එස්.ජී.බී. ජයමහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී වෙත ප්‍රධාන දොරටුව දක්වා වූ මාර්ගය දෙපස සිට ගෞරවාචාරය පිරිනැමීය.
උත්සව අවස්ථාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ. වී. අයි. එල් ජයවීර යූඑස්පී, මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් සහභාගී වූහ.