Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2023 09:42:57 Hours

553 පාබල බලසේනාවේ අභිනවයෙන් ඉදිකළ දේශන ශාලාව විවෘත කෙරේ

553 පාබල බලසේනාව වෙතින් 2023 ඔක්තෝම්බර් 14 දින 74 වන යුද්ධ හමුදා සංවත්සරය දිනයට සමගාමීව එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ අති නවීන දේශන ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබූ අතර ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සී ගේ සුරතින් නොවැම්බර් මස 23 දින එම දේශන ශාලාව විවෘත කරනු ලැබීය.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩිසී ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු 553 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස්.කේ පෙරේරා ආර්එස්පී විසින් සිදුකරන ලදී.

එම බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන්ගේ කැපවීම මත දේශන ශාලාවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිමකරනු ලැබීය.