28th November 2023 09:19:25 Hours
සිංහ සමාජය වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙතින් මාකෙළිඇල්ල සහ කොස්ගුලන ප්‍රදේශවල ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 100 ක් වෙත රු.5000/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී ගේ සංකල්පයකට අනුව පෑලියගොඩ සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය මත එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ආර්ථික දුෂ්කරතා පිළිබඳ සලකාබලමින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී සහභාගී වූ අතර සිංහ සමාජයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.