Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th November 2023 22:35:41 Hours

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 27 වන සංවත්සරය නිමිත්තෙන් ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කරයි

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අභිමානවත් 27 වන සංවත්සර දිනයට සමගාමීව එම ඒකකයේ භටපිරිස් ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා මූලික ව්‍යාපෘතියක් පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

අණදෙන නිලධාරිතුමන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 40 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය දැක්වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම මත පැය කිහිපයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිමකිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි.