20th November 2023 19:59:22 Hours
52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මාසයක පමණ කාලයක් පුරාවට සිය දායකත්වය ලබාදීමෙන් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 19) දින කඩෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි ශාන්ත මරියා දේවස්ථානයේ අවසන් විශේෂ දේව මෙහෙය පැවැත්වීය.
යාපනය අගරදගුරු ජස්ටින් බර්නාඩ් ඤාණප්රකාශන් හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් පැවති මෙම විශේෂ පූජාව සඳහා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර ආර්එස්පී, 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් පී.ආර්. අතපත්තු යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ 2500 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.
මෙම පුණ්‍ය වැඩසටහන අතරතුර, 522 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් දේවස්ථාන පරිශ්‍රය තුළ පොල් පැළ 45 ක් රෝපණය කළ අතර විශේෂ දිව්‍ය පූජාවට සහභාගී වූ පූජකවරුන් වෙත උදෑසන ආහාරයද පූජාකරනු ලැබීය.