20th November 2023 20:23:03 Hours
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 14) දින ගනේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් පසුව කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.එස්.කේ.කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ.
මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී අනතුරුව, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් පසුව නිලධාරි නිවස්නයේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, අනතුරුව භටපිරිස් අමතමින් මෙම නිල උසස්වීම දක්වා පැමිණි ගමන් මඟ වෙනුවෙන් සහයෝගය ලබාදුන් යුද්ධ හමුදා ප්‍රවීණයන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිය ස්තුතිය පුද කළේය. උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය.
උත්සව අවස්ථාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.එස්.කේ.කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.වී.අයි.එල් ජයවීර යූඑස්පී, මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.