Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2023 21:36:04 Hours

ගංවතුරෙන් අවතැන් වූ පවුල් වෙත 68 පාබල සේනාංකයේ භටපිරිස් සහන සලසයි

පුදුකුඩිඉරිප්පු සහ ආනන්දපුරම් ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ පවුල් හතරක් වෙත සහනාධාර බෙදාදීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 593 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් නොවැම්බර් මස 17 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව යුද්ධ හමුදා භටපිරිස් ගංවතුර මට්ටම අවම කිරීම සඳහා ආනන්දපුරම් ඇල මාර්ගය පිරිසිදු කිරීම, අවතැන් වූ පවුල් සඳහා සහනාධාර ලබාදීම, නැවත ස්ථානගත කිරීම සහ එම ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූහ.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී විඑස්වී යූඑස්පී එන්ඩීයූ, 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ 593 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.වී.ඒ. සෝමවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරිණි.