Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2023 20:10:16 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සංචාරයක

යුද හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 04) දින ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කඳවුර වෙත සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව එම කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරතවිය. එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ඉහළ මට්ටමින් විනය පවත්වාගැනීමේ වැදගත්කම, යුද්ධ හමුදා සේවයේ වටිනාකම සහ සෙසුනිලයන්ට ආදර්ශමත්වීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. එමෙන්ම, නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගතිය පිළිබඳව යුද්ධ හමුදා මූලස්ථානය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම යුද්ධ හමුදා නියෝග සහ නිර්ණායක පිළිබඳව දැනුවත් වන ලෙස ද එතුමන් සියලු නිලධාරීන් දැනුවත් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් භටපිරිස් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එන්. විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී, 223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එච්.පී. රංගජීව යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.