18th November 2023 20:21:29 Hours
නොවැම්බර් මස 14 දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ භටපිරිස් විසින් නොවැම්බර් මස 13 සිට 16 දින දක්වා කාලය තුළ දැනුවත් කිරීමේ දේශන, විශේෂ වෛද්‍ය සායන සහ උපදේශන සේවා මාලාවක් එම රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරිණි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත දියවැඩියා රෝගය වැළැක්වීමේ අරමුණින් ‘නිරෝගී හමුදාවක් - සෞඛ්‍ය සම්පන්න ජාතියක්’ වැඩසටහනට සමගාමීව මෙම දැනුවත් කිරීමේ දේශන, විශේෂ වෛද්‍ය සායන සහ උපදේශන මාලාව ක්‍රියාත්මක කරනු ලැබීය.
බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන යූඑස්පී, උපදේශක කායික විශේෂඥ වෛද්‍ය කමල් ආරියසිංහ සහ විශේෂඥ කායික වෛද්‍ය ඩී.ආර්.කේ දයාරත්න ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම දේශන මාලාව පවත්වනු ලැබීය. මෙහිදී, මනෝ උපදේශන සේවය, අක්‍ෂි උපදේශන සේවාව සහ දන්ත උපදේශන සේවාව ඇතුළු වෛද්‍ය සේවාවන් රැසක් පිළිබඳ දේශනයන් පැවැත්විණි.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්, රෝගී අයවළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ අමුත්තන් රැසක් මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.