Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2023 00:24:20 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම භටපිරිස් වෙනුවෙන් ‘නිවේදන, ඡායාරූපකරණ හා වීඩියෝකරණය’ පිළිබඳ වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘නිවේදන, ඡායාරූපකරණ හා වීඩියෝකරණය’ පිළිබඳ වැඩමුළුවක් 2023 නොවැම්බර් මස 13 සිට 16 දින දක්වා කාලය තුළ එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩමුළුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරියෙක් සහ සෙසුනිලයින් 39 දෙනෙකු සහභාගී වූහ. යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වෘත්තීමය ප්‍රවීණයෙකු වන බළලත් නිලධාරි 1 ඒ.ඒ.එන්.පී. අමරසිංහ විසින් මෙම වැඩමුළුවේ දේශන සහ ප්‍රායෝගික සැසි පවත්වන ලදී.

මෙම වැඩමුළුවේදී, සියලුම සහභාගීවූවන්ට තමාට සහ යුද්ධ හමුදා ආයතනවලට හමුදාමය/හමුදාමය නොවන සිදුවීම්, සිවිල් හමුදා සම්බන්ධීකරණ වැඩසටහන් සහ මාධ්‍ය විකාශනයන් සිදුකිරීම සඳහා ප්‍රයෝජනවත් වන නිවේදනය, ඡායාරූපකරණය සහ වීඩියෝකරණයේ කුසලතා සහ ශිල්පීය ක්‍රම පිළිබඳව දැනුම් සම්භාරයක් ලබාදෙනු ලැබීය.

වැඩමුළුවේ ආරම්භක දේශනය ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහකාර කර්නල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් පී.බී.ජී. විතානගේ විසින් සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී විසින් සමාප්ති දේශනය සිදුකරමින් දින හතරක් පුරාවට පැවති වැඩමුළුවේ ඵලදායීතාවය පිළිබඳ සිහිපත් කළේය.