17th November 2023 05:27:28 Hours
පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර අභිමානවත් 11 වන සංවත්සරය වෙනුවෙන් 2023 නොවැම්බර් මස 15 දින එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී උත්සව මාලාවක් පැවැත්විණි.
සංවත්සර සැමරුමට සමගාමීව පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදී 2023 නොවැම්බර් මස 14 දින බෝධි පුජාමය පිංකමක් පවත්වා දිවංගත රණවිරුවන්ට පිං අනුමෝදන් කර රණක්ෂිතයට පත්, විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින්, සේවයේ නියුතු සාමාජිකයන් සහ ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙත ආශිර්වාද එක්කරන ලදී. එහිදී, පැවති ආගමික වතාවත් සඳහා ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ප්රමුඛ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
සංවත්සර දිනය යෙදී තිබූ නොවැම්බර් මස 15 දින, එම මූලස්ථානය වෙත සපැමිණි ආරක්ෂක සේනා ආඥාපති - බටහිර වෙත 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී පීඑස්සී සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඒ.එම්.ආර්. අබේසිංහ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහභාගී වූහ. පසුව, එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කර භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ සුරතින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක කාර්ය මණ්ඩලය වෙත වියළි ආහාර සලාක පාර්සල් 40 ක් බෙදාදීම ද මෙහිදී සිදුකෙරිණි.
මෙම උත්සව අවස්ථාව සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඒ.එම්.ආර්. අබේසිංහ, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගි වූහ.