Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2023 08:16:18 Hours

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත අතිගරු ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය ඉන්දියාව බලා පිටත්ව යාමට ප්‍රථම බදාදා (15) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී, නව ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ සිය සුබපැතුම් පළකරමින් දෙපාර්ශවය අතර පවතින ද්විපාර්ශ්වික පුහුණු ක්‍රමවේදයන් මෙන්ම වැඩසටහන් පිළිබඳව ද අදහස් බෙදාගනු ලැබීය. එමෙන්ම, සුහදත්වය සහ සහයෝගීතාවයේ මිත්‍රශීලී බැඳීම් තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය.

සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය වෙත සමරු තිළිණයක් පිරිනැමීය.