14th November 2023 22:05:43 Hours
දිඝවාපිය චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත වුඩාමාණික්යය සහ සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් ජංගම රිය පෙරහැර පසුගිය සඳුදා (නොවැම්බර් මස 13) දින හම්බන්තොට ප්‍රදේශයට වැඩම කරවනු ලැබීය.
ප්‍රදේශයේ සැදැහැවත් බැතිමතුමන්ට වන්දනාමාන කිරිම සඳහා වුඩා මාණික්‍ය සහ සර්වඥ ධාතුන් වහන්සේලා බෙලිඅත්ත ශ්‍රී සුනන්ද විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.
බෙලිඅත්ත ශ්‍රී සුනන්ද විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබූ චූඩා මාණික්‍ය සහ සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් පෙරහැර 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී විසින් ගෞරවපූර්වකව පිළිගනු ලැබීය. මෙම චූඩා මාණික්‍ය සහ සර්වඥ ධාතුන් වහන්සේලා හම්බන්තොට ප්‍රදේශයේ තෝරාගත් විහාරස්ථානයන්හිදී නොවැම්බර් මස 30 දින දක්වා බැතිමතුන්ට වන්දනාමාන කරගැනීම සඳහා තැන්පත් කොට ඇත.
දිඝවාපිය චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍ය සහ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගැනීම සඳහා එම ප්‍රදේශයේ බැතිමතුන්ට මේ වනවිට අවස්ථාව උදා වී ඇත.