13th November 2023 20:21:07 Hours
පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ සේවයේ නියුතු භටපිරිස්හි සැඟවුණු කුසලතා ඔප්නැංවීමේ අරමුණින්, එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් පී.ඩී.එස්.එන් ගුණරත්න ගේ උපදෙස් මත ඉදිකරන ලද එළිමහන් රංගපීඨය විවෘත කිරීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින පැවැත්වීණි.
උත්සව අවස්ථාව අතරතුරදී 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ සේවයේ නියුතු භටපිරිස් සිය නර්තන සහ ගායන කුසලතා නව එළිමහන් රංගපීඨයෙහි ප්‍රදර්ශනය කල අතර, මෙම වැඩසටහන ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ බලකාධිපතිතුමන්ගේ උපදෙස් මත සිදුකරනු ලැබීය.