09th November 2023 20:45:55 Hours
බටලන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය ශිෂ්‍ය නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ද සමඟින් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින මුලතිව් ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත වූහ.
මුලතිව්හි පිහිටි රණවිරු ස්මාරකය වෙත ගෞරවාචාර පුද කරමින් අනෙකුත් වැදගත් ස්ථාන නැරඹු එම කණ්ඩායම ඉන් අනතුරුව 68 පාබල සේනාංකය වෙත පැමිණියහ.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණ පිරිස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ නියෝජනය කරමින් 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විදේශීය ශිෂ්‍ය නිලධාරින් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කිරීමෙන් අනතුරුව, එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
68 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ශිෂ්‍ය නිලධාරීන් ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය යන රටවල් නියෝජනය කළහ.