07th November 2023 20:09:10 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ 213 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 9 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව පසුගිය ඉරිදා (නොවැම්බර් මස 05) දින මැදවච්චිය, කීදාවරම්කුලම් සහ දේවනම්පියතිස්සපුර, බෝගහ වැව් බැමි ආරක්‍ෂාව සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබූහ.
අධික වර්ෂාව හේතුවෙන් කීදාවරම්කුලම් වැව් බැම්මේ ජල කාන්දුව වලක්වා ගැනීමට 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව භටපිරිස් වැව් බැම්ම මත වැලි කොට්ට අතුරනු ලැබීය.
9 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් 11 දෙනෙකු විසින්ද බෝගහ වැව් බැම්ම මත වැලි කොට්ට 50 කට අධික ප්‍රමාණයක් අතුරා විශාල ජල කාන්දුවක් වලක්වා ගැනිමට අවශ්‍ය පියවර ගනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් යටතේ 213 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 9 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීවරුන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයන්හි භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.