Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th November 2023 09:23:08 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවයි

උසස්වීම් ලැබූ අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රීඩා මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් යූඑස්පී පීඑස්සී සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී, අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ ගේ සුරතින් නිල ලාංඡන සහ සංකේතාත්මක අසිපත් පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන සහ සංකේතාත්මක අසිපත පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත සිය සුබපැතුම් පිරිනමනු ලැබීය.

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්වරුන් දෙදෙනා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.