Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2023 20:28:41 Hours

17 ශ්‍රී ලංකා පාබල හමුදාවේභටපිරිස් වවුනියාව, රෝහලේ රෝගීන් වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ 562 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ ස්ථාපිත 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ සෝපානය අක්‍රිය වීම හේතුවෙන් රෝගීන් සඳහා වූ අපහසුතාවයන් මඟ හරවාලීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.

සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් රෝගීන් උඩුමහලේ සිට පහත මහලට ගෙන ඒම රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයට පමණක් මෙම කාර්යය සිදුකිරීමට නොහැකි වූ බැවින් රෝහල් කාර්යය මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් භටපිරිස්හි සහය ලබාදෙන ලදී.

මෙම ප්‍රදේශයේ ස්ථාපිත 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් 05 දෙනෙකු සැප්තැම්බර් මස මුලදී දින 4 කට වඩා වැඩි කාලයක් එම රෝගීන්ගේ ගමන් පහසුව සඳහා යොදවා තිබුණි. එමෙන්ම පසුගිය මාස දෙක තුළදී විදුලි සෝපානය කඩින් කඩ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රථිකාර කටයුතු කිරීමට අවශ්‍ය සහය යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 562 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරීගේ අධීක්‍ෂණය යටතේ මෙම කාර්යය සිදුකරනු ලැබීය.