Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2023 00:14:54 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සම්බන්ධීකරණයෙන් කදුරුගමුව මිහිඳු විද්‍යාලයේ ළමුන් වෙත පාසල් උපකරණ බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සම්බන්ධීකරණයෙන් දියතලාව, කදුරුගමුව මිහිඳු විද්‍යාලයේ අඩු ආදායම් ලාභී පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 61 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 20) දින සංවිධානය කරන ලදී. එම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.

එහිදී එම පාසල් ළමුන් සඳහා පාසල් පාවහන් සහ අධ්‍යපනික උපකරණ බෙදාදුන් අතර, ඒ සඳහා අනුග්‍රාහකත්වය ‘Anchor Fonterra Lanka’ ආයතනය විසින් ලබාදෙන ලදී.

වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, නිමල් ගමගේ මහතා ඇතුළු ‘Anchor Fonterra Lanka’ ආයතනයේ නිලධාරීන් සහ විද්‍යාලයේ ගුරුභවතුන් එක්ව සිටියහ.