Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th November 2023 22:37:40 Hours

යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් හැටන්, ශාන්ත ගේබ්‍රියෙල් ජාතික බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙයි

හැටන්, ශාන්ත ගේබ්‍රියෙල් ජාතික බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ විදුහල්පතිනී එච්.ඩබ්ලිව්.ඩී වීරතුංග මහත්මියගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 30) දින සහභාගී විය.

විද්‍යාලය වෙත පැමිණි මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී, එම විද්‍යාලයේ විදුහල්පතිතුමිය විසින් පාසල් සිසුවියන්ගේ චාරිත්‍රානුකූල ගෞරවාචාර මධ්‍යයේ උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

උත්සව අවස්ථාවේදී අධ්‍යාපන මෙන්ම ක්‍රීඩා අංශයන්ගෙන් දක්‍ෂතා දැක්වූ සිසුන් සඳහා සම්මාන ප්‍රදානය කල අතර, එහිදී එතුමන් මෙම විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු සියලුම ගුරු භවතුන් කැපවීමෙන් යුතුව අධ්‍යාපනය ලබාදීමට දරනු ලබන උත්සාහයේ වැදගත්කම පිළිබඳව ප්‍රකාශ කරනු ලැබීය.

එතුමන් එහිදී, මෙම ජයග්‍රහණ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා ශක්තියක් කරගනිමින් අනාගත සාර්ථකත්වයන් කරා ගමන් කරන ලෙසත්, මනා විනයක් හා දැනුමෙන් සන්නද්ධ වීමේ වැදගත්කමත් වැඩිදුරටත් අවධාරණය කළේය.

උත්සව අවසානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් පාසලේ ගුරුවරුන් සහ සම්මානලාභී සිසුවියන් වෙත සිය ප්‍රණාමය පුද කරන ලදී.