Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2023 20:42:49 Hours

උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත විශේෂ බලකායේ ගෞරවාචාරය

අභිනවයෙන් උසස්වීම් ලබා නාඋල, විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 21) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් පසුව නිලධාරි නිවස්නයේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, තේ පැන් සංග්‍රහයක් සඳහා ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා එක් වූහ.

මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන්ද පිරිනැමීමෙන් පසුව රෙජිමේන්තු කාර්යය මණ්ඩලය සහ නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයක් සඳහාද පෙනී සිටියහ. අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා සියළු භටපිරිස් ඇමතීම සිදුකළේය.

ගෞරවනීය විශේෂ බළකා රෙජිමේන්තුවේ ඉදිරි ප්‍රගමනය සහ අඛණ්ඩ පැවැත්ම සංකේතවත් කරමින්, සංකේතාත්මකව පැල රෝපණයන් සිදුකර අතර, උත්සවයේ කටයුතු අවසන් කරමින් නිලධාරී නිවස්නයේදී තේ පැන් සංග්‍රහය පැවැත්විය. එහිදී උසස්වීම් ලැබූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා අනෙක් නිලධාරීන් සමඟින් සුහඳව අදහස්‌ හුවමාරු කර ගත්හ.