Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2023 20:38:14 Hours

දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 25) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත පැමිණි නව සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව මාණ්ඩලික නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. අනතුරුව එතුමන් එම පුහුණු පාසලේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් අමතා තම ඉදිරි දැක්ම පැහැදිලි කළේය.

උත්සව අවස්ථාවට ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.