Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2023 09:00:10 Hours

හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් එල්.පී බලගල්ල (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 16 වැනි යුද්ධ හමුදාධිපතිවරයා වන ජෙනරල් එල්.පී බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි අයිජි (විශ්‍රාමික) රෝගාතුරව නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ ප්‍රථීකාර ලබමින් සිටියදී බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින උදෑසන අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභිමානවත් සාමාජිකයෙකු වන ජෙනරල් එල්.පී බලගල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි අයිජි (විශ්‍රාමික) 2000 - 2004 කාලය තුළ 16 වැනි යුද්ධ හමුදාධිපතිවරයා ලෙස සේවය කරන අතරතුර 2003 වර්ෂයේදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දූරයද හෙබවන ලදී.

එතුමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු බෙරැල්ල පොදු සුසාන භූමියේදී පුර්ණ හමුදා ගෞරව සහිතව 2023 ඔක්තෝබර් මස 28 වන දින පස්වරු 4.30 පැවැත්වීමට නියමිත අතර එතුමන්ගේ දේහය මහජන ගෞරවය සදහා අංක 21/12, සමනල පාර, කොතලාවල, කඩුවෙල යන ස්ථානයේ තැන්පත් කර ඇත.