Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2023 23:23:19 Hours

1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 67 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ටී.කේ.ඊ. මඩවල යූඑස්පී පීඑස්සී එල්එස්සී ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ 67 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් ඔක්තෝබර් මස 07 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

සංවත්සර දින සැමරුම වෙනුවෙන් ඔක්තෝබර් මස 7 දින එම ඒකකයේ භටපිරිස් වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 1 බලඇණිය රටේ ප්‍රථම රයිෆල් බලඇණිය ලෙස 1956 ඔක්තෝම්බර් මස 01 දින ස්ථාපිත කරනු ලැබීය.