25th October 2023 12:19:13 Hours
චීනයේ හැංජෝවු (Hangzhou) හි පැවති 2023 4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ බදාදා (ඔක්තෝබර් 25) දින පැවැති පැරා හෙල්ල විසිකිරීම F-44 යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් දුර - මීටර් 64.09 ක් වාර්ථා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩකයින් 6 දෙනෙකු සහභාගි වූහ. පැරා ආසියානු ක්‍රීඩා උළෙල 2023 මේ වන විට හැංජෝවු (Hangzhou) හි පැවැත්වෙන අතර ඒ සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් තරඟ වදිනු ලැබේ.
4 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල 2023 ඔක්තෝබර් මස 22 වැනිදා ආරම්භ වූ අතර එය අවසන් වන්නේ 2023 ඔක්තෝබර් මස 28 වැනිදාය.