Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2023 23:10:47 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් මනෝවිද්‍යාත්මක උපදේශන වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් 19 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 29 දෙනෙකු වෙනුවෙන් 2023 ඔක්තෝබර් මස 17 සිට 19 දින දක්වා තෙදිනක් පුරාවට මනෝවිද්‍යාත්මක උපදේශන වැඩමුළුවක් පැවැත්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ සංකල්පයකට අනුව නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ මානසික ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් ලබාදිය හැකි උපදේශකවරුන් හැඩගැන්වීමේ අරමුණින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩමුළුව පැවැත්වීය.

විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් (වෛද්‍ය) ආර්.එම්. මොණරාගල යූඑස්පී ප්‍රමුඛ මනෝවෛද්‍යවරුන් පිරිසක් විසින් පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සමාප්තියේ සහභාගී වූ සියලුදෙනා වෙනුවෙන් සහතිකපත් පිරිනැමීය.