Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2023 07:18:18 Hours

උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් රොක් හවුස්, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී විසින් එහිදී භටපිරිස් අමතමින් වත්මන් නිලය දක්වා පැමිණි ගමන් මග වෙනුවෙන් සහයෝගය ලබාදුන් රෙජිමේන්තුවේ විශ්‍රාමික සහ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත සිය කෘතවේදීත්වය පුද කරමින් ‘‘යුද්ධ හමුදාව යනු ජීවිතයට විවිධ අත්දැකීම් ලබාගත හැකි සහ උද්යෝගිමත් වෘත්තියක්’’ බව වැඩිදුරටත් පැවසීය.

උත්සවයේ වැඩ කටයුතු අවසන් කරමින් මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ සහභාගීත්වයෙන් සියලුම නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය.