Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2023 18:30:42 Hours

ආධුනික පුහුණු පාඨමාලා අංක 107 සාර්ථකව අවසන්

බූස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේදී පැවති ආධුනික පුහුණු පාඨමාලා අංක - 107 හි විසිරයෑමේ උත්සවය පසුගිය සෙනසුරාදා (21) දින පැවැත්වීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සපැමිණි අතර, තවත් විශාල පිරිසක් ද සහභාගී වූහ.

ආධුනික පුහුණු පාඨමාලා අංක - 107, 2022 ජූලි මස 20 දින ආරම්භ කරනු ලැබූ අතර, 2023 ජනවාරි මස 21 දින සාර්ථකව අවසන් කරනු ලැබීය. එම පාඨමාලා කාලසීමාව තුළ විවිධ පුහුණු සැසිවාරයන් සඳහා සහභාගී වූ ආධුනික සෙබළුන් පාඨමාලාව සාර්ථකව අවසන් කරමින් සිය දක්‍ෂතාවයන් පිළිබිඹු කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, දෙමාපියන් සහ ආධුනික සෙබළුන්ගේ ඥාතීන් ද විශාල පිරිසක් සහභාගී වූහ.

පාඨමාලාවේ විශේෂ දක්‍ෂතාවයන් දැක්වූ පහත නම් සඳහන් ආධුනික සෙබළුන් වෙත ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් කුසලාන ප්‍රදානය කළේය.

පාඨමාලාවේ ප්‍රථම ස්ථානය - විජයබාහු පාබල රෙජිමේන්තුවේ ආධුනික සෙබල පී.එම්.ඩී.සී. කුමාර

හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා - ශ්‍රී ලංකා පාබල හමුදාවේ ආධුනික සෙබල ඒ.ඒ.ඒ.සී.ඩී. ජයසිංහ

හොඳම වෙඩික්කරු - ශ්‍රී ලංකා පාබල හමුදාවේ ආධුනික සෙබල ජී.ඩී.එස්.එන්. තිලකරත්න