Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2023 18:25:59 Hours

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් හසන් අමීර් (Lieutenant Colonel Hassan Amir) අඟහරුවාදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංචාරයේ නිරත මාලදිවයිනේ ආරක්‍ෂක උපදේශකතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සුහද පිළිසඳරක නිරත වෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මාලදිවයිනේ ආරක්‍ෂක අංශ අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ප්‍රවර්ධනය කරගැනීම වෙනුවෙන් සාකච්ඡා කරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙනු ලබන සහයෝගය වෙනුවෙන් ලුතිනන් කර්නල් හසන් අමීර් වෙත සිය කෘතඥතාවය පළකළේය.

මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.