Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 18:59:55 Hours

යුද්ධ හමුදා මූලස්ථානය, ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ රෙජිමේන්තු මධ්‍යස්ථානවල නිලධාරීන් බෝනොවන රෝග’ සහ ‘යුද ඉතිහාසය’ පිළිබඳව දැනුවත් කෙරේ

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩලවල සේවයේ නියුතු කාන්තා නිලධාරිනියන් ඇතුළු දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානවල නිලධාරීන් 200 කට ආසන්න පිරිසකට ‘බෝනොවන රෝග’ සහ ‘යුද ඉතිහාසය’ පිළිබඳව දැනුවත් කිරිමේ දේශණයක් මාර්ගගත තාක්‍ෂණය (zoom) ඔස්සේ ඉකුත් බදාදා (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ මීට පෙර සේවයේ නියුතු වෛද්‍ය උපදේශක බ්‍රිගේඩියර් විශ්‍රාමික වෛද්‍ය ඒ.එස්.එම් විජයවර්ධන විසින් ‘බෝනොවන රෝග’ පිළිබඳව නිලධාරීන් දැනුවත් කළ අතර, ලුතිනන් කර්නල් සුජිත් චමින්ද විසින් ‘යුද ඉතිහාසය’ පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ට අමතරව, දිවයින පුරා ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ රෙජිමේන්තු මධ්‍යස්ථානවල සේවයේ නියුතු නිලධාරීන් 700 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.