Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 19:01:54 Hours

යුධ හමුදා යුධ විද්‍යාලයේ පැවැති ‘ඩයිනර්ස් ක්ලබ්’ 2022 (Diners’ Club) වැඩසටහන යුද සේවා ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

යුධ හමුදා යුධ විද්‍යාලයේ පැවැති ‘ඩයිනර්ස් ක්ලබ්’ 2022 (Diners’ Club) වැඩසටහන ඉකුත් සෙනසුරාදා (26) දින යුධ හමුදා යුද්ධ විද්‍යාල නිලධාරී නිවස්නයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත දේශක ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහභාගී විය.

කාලෝචිත මාතෘකාවක් වන ‘නිලධාරීත්වය’ ‘අභියෝග සහ ඉදිරි මග’ පිළිබඳ හරවත් දේශණයක් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් මෙහිදි පවත්වන ලද අතර, එම අවස්ථාව සඳහා එම විද්‍යාලයේ සේනාවිධායක, ප්‍රධාන උපදේශක සහ පීඨ සාමාජිකයින්, ස්ථිර කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ශිෂ්‍ය නිලධාරීන් 171 දෙනෙකු ද සහභාගී වූහ.

යුධ හමුදා යුධ විද්‍යාලය ලෙස නම්කිරිමෙන් පසු යුද්ධ හමුදාවේ වෘත්තීය සංවර්ධන පුහුණුවේ පුරෝගාමියෙකු වූ එම විද්‍යාලයේ ප්‍රථම සේනාවිධයක මෙන්ම යුද සේවා ලේකම් සමඟ අදහස් හුවමාරු කරගැනීමට මෙම අවස්ථාවට සපැමිණි සියලුම අයවළුන් වෙත මෙහිදී අවස්ථාව උදාවිය.

මෙම වැඩසටහන තුළින් නිලධාරීන්ට තම වෘත්තීය ප්‍රගතිය සහ සංවර්ධනයේදී මුහුණ දෙන අභියෝග පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් ද සැලසිණි.