Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

241 සහ 242 වන බලසේනාවන් වෙතින් ජංගම අක්‍ෂි වෛද්‍ය සායන

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 සහ 242 වන බලසේනාවන් වෙතින් පසුගිය ඉරිදා (18) දින ජංගම අක්‍ෂි වෛද්‍ය සායන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් තිරුක්කෝවිල්, පොතුවිල් සහ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සිවිල් වැසියන් 281 දෙනෙක්ගේ අක්‍ෂි පරික්‍ෂාවන් සිදුකර වෛද්‍ය උපදෙස් ලබාදෙනු ලැබීය.

පෙනීමේ දුර්වලතාවයන් සහ අක්‍ෂි ආබාධ සහිත අඩු ආදායම්ලාභී සිවිල් වැසියන් මෙම සායනය තුලදී පරික්‍ෂා කරනු ලැබූ අතර ඔවුන් වෙත නොමිලයේ ඇස් කණ්නාඩි බෙදාදීම සඳහා අවශ්‍ය නිර්දේශයන් ද නිකුත් කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙත වෛද්‍ය ආධාර ලබාදීමේ අරමුණින් මෙම ප්‍රජා මූලික වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම, 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, 242 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනුරුද්ධ සොල්ලංගආරච්චි, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ජේ. අමදෝරු සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ආර්.එම්. අලවත්ත විසින් මෙම ජංගම වෛද්‍ය සායනයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබූහ.