Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2022 21:42:05 Hours

නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද පසුගිය බ්‍රහස්පතින්දා (22) දින ආරක්‍ෂක සේනා මූලස්ථාන - නැගෙනහිරට අයත් මින්නේරිය ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර හි 28 වන ආඥාපති ලෙස රාජකාරි භාරගන්නා ලදී.

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද වෙත ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. ‍

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.

මීට පෙර මෙම ධූරය හෙබවූ මේජර් මේජර් ජෙනරල් සුදත් රත්නායක ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම ලෙස රාජකාරි භාර ගැනීමෙන් පසුව මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සඳහා පත්කෙරිණි.