22nd September 2022 16:33:14 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත සපැමිණි චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් සහ එම මැතිණිය උණුසුම් අයුරින් පිළිගත් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, පසුගිය වසර දෙක තුළ එරට යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර පැවති අවබෝධය සහ සහයෝගීතාව පිළිබඳ අවධාරණය කළ අතර, ඉදිරියේදීත් එම සබඳතාවයන් තවදුරටත් ප්‍රවර්ධනය කරගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරන ලදී.
මෙම සුහද හමුව සමාප්තියේ, සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරුණු අතර ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකගේ සහකාර නිලධාරියෙකු මෙන්ම ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්වූහ.