Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2022 14:48:21 Hours

ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (CCC) වෙත පැසසුම්

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (CCC) භටපිරිස් දැඩි වෘත්තීමය නිපුණත්වයෙන් සහ පළපුරුද්දකින් යුතුව සිය සේවය ඉතා උසස් අන්දමින් සිදුකරනු ලබන අතර ඒ හේතුවෙන් 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ආර්.ඒ.ඩී.එම්.ඩී. සෙනෙවිරත්න වෙත පසුගිය දා විශේෂ සේවා පදක්කමක් පිරිනැමිණි.

පසුගිය දා ගාඕ සිට මාලි රාජ්‍යයේ කිඩාල් ප්‍රදේශය දක්වා වූ භඨකාර්ය සම්පාදන රථ පෙළපාලියක ගමනාගමනය අතරතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ පරික්‍ෂා කිරීමේ සහ හඳුනාගැනීමේ කණ්ඩායම විසින් පුපුරණ ද්‍රව්‍ය දෙකක් හඳුනාගැනීමෙන් අනතුරුව සිදුවීමට තිබූ විශාල පිපිරීමක් වළක්වාලමින් එම පුපුරණ ද්‍රව්‍ය දෙක නිෂ්ක්‍රීය කිරීමට සමත්විය.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (CCC) 2017 වර්ෂයේ සිට මාලි රාජ්‍යයේ රථවාහන ආරක්‍ෂණ රාජකාරීන්හී නිරතව සිටියි.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ආඥාපති ලුතිතන් ජෙනරල් කොරනේලිස් ජොහාන්ස් මත්තිසේන් (Cornelis Johannes Matthijssen) විසින් ශ්‍රී ලංකාවේ 4 වන යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (CCC) භටපිරිස්හී වෘත්තීය නිපුණත්වය අගය කරමින් මාර්ගයේ පසෙක වළ දමා තිබූ බිම්බෝම්බ දෙක සොයාගත් 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ආර්.ඒ.ඩී.එම්.ඩී. සෙනෙවිරත්න වෙත ඇගයීම් පදක්කමක් ද ප්‍රදානය කරන ලදී.

පරික්‍ෂා කිරීම් සහ හඳුනාගැනීමේ ක්‍රියාන්විත සඳහා වගකිව යුතු නිලධාරියා වශයෙන් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ආඥාපති විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (CCC) හී සුපරීක්‍ෂාකාරී බව, අවධානය, කඩිසරකම සහ වෘත්තීය කළමනාකාරිත්වය පිළිබඳව ඔවුන් පැසසුම් ලක්කළේය.

පසුගිය මාස 2-3 තුළ, මාලි රාජ්‍යයේ ගෝත්‍රික ත්‍රස්තවාදී කණ්ඩායම් එක්සත් ජාතීන්ගේ රාජකාරීන්හී නිරත හමුදා භටපිරිස් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ දරුණු අභ්‍යන්තර ප්‍රචණ්ඩ ක්‍රියා තීව්‍ර කර ඇත. එමෙන්ම, ඔවුන්ගේ කුරිරු සහ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාර එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා ඇති සියලුම එක්සත් ජාතීන්ගේ භටපිරිස් වෙත ප්‍රබල තර්ජනයක් එල්ල කර ඇත.