Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2022 20:00:28 Hours

නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයට කඩාවැටුණු පස් කන්දක් ඉවත් කිරීමට යුද්ධ හමුදා භටපිරිස්හී සහයෝගය

පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලකරමින් කඩා වැටී තිබුණු පස් කන්දක් ඉවත්කිරීමට පසුගිය සිකුරාදා (5) දින 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කල්ප සංජීව ගේ උපදෙස් හා 112 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දිම කුමාරසිංහ ගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.  

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගේ සහයෝගය මත 112 වන බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පැය කිහිපයක් තුළ එම ව්‍යාපෘතිය නිම කරමින් මාර්ගය යථා තත්ත්වයට පත් කරනු ලැබූහ.

මෙම ව්‍යාපෘතිය සඳහා 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරියෙක්, සෙසුනිලයන් 10 දෙනෙකු සහ රාජ්‍ය සේවකයින් ද එක්වූහ.