Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2022 20:15:28 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුල්ලේරියාව දකුණ ප්‍රදේශයේ වැසියන්ට වියළි සලාක

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මුල්ලේරියාව දකුණ, දොඩන්ගහහේන, මාදින්නාගොඩ සහ ඇල්හේන ප්‍රදේශවල වෙසෙන අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල් 500 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබීය.

144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ‍කේඑම්වී කොඩිතුවක්කු ගේ උපදෙස් මත 144 වන බලසේනාවේ සහ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින්ගේ සම්බන්ධීකරණය මත ග්‍රාම නිලධාරි වසම් 04 ක් ආවරණය වන පරිදි පසුගිය සෙනසුරාදා (6) දින මාදින්නාගොඩ, සුරම්‍යාරාම විහාරස්ථානයේදී මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන සඳහා තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන නායක හිමිපාණන්, 14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න, 144 වන බලසේනාවේ බලසේනාධිපති, 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහ එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්වූහ.