Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2022 17:00:39 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳව දේශන සහ වැඩමුළු මාලාවක්

ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 වන සේනාංකයන්හි රාජකාරි කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් ජුනි මස 21 වන දින සිට ජූනි මස 24 වන දින දක්වා මත්ද්‍රව්‍ය, අන්තරායකර මත්ද්‍රව්‍ය, එහි හානිකර බලපෑම් සහ එමගින් වැලකීම යන මාතෘකා ඔස්සේ වැඩමුළුවක් පවත්වන ලදී.

මෙම වැඩමුළුව සඳහා කොළඹ යුද්ධ හමුදා රෝහලේ යුද්ධ හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ මනෝ වෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම් මොණරාගල, වෛද්‍ය විශේෂඥයින් සහ යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ කාර්යය මණ්ඩලය විසින‍් දායකත්වය ලබාදුන් අතර, භටපිරිස 400 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම වැඩමුළුව සඳහා මත් ද්‍රව්‍ය නිවාරණය, ආතතිය පාලනය, ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීම සහ ජීවන කුසලතාවයන් සංවර්ධනය කිරීම යනාදි මාතෘකා ඔස්සේ දේශනයන් සිදුකරන කරන ලදී.  

යුද්ධ හමුදා භටපිරිස් මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ක්‍රියාකිරීමේ ඇති වැදගත්කම දැනුවත් කරමින් පැවැත්වූ කාලෝචිත සහ වැදගත් වූ මෙම දේශන සහ වැඩමුළු මාලාව ඉතා සාර්ථකව අවසන් විය.