Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2022 09:00:11 Hours

53 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

හබරණ ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් උදය හේරත් පසුගිය සිකුරාදා (17) දින පැවති උත්සවයකදී නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගන්නා ලදී.

එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, ඉන් අනතුරුව සේනාංකයේ සරඹ භූමියේදී 22 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පිරිනමන ලදී.

අනතුරුව, මේජර් ජෙනරල් උදය හේරත් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සේනාංකයේ භටපිරිස් අමතමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කරන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා ගුවන් සංග්‍රාමික බලසේනාව, 532 සහ 533 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මීට පෙර මෙම ධූරයේ රාජකාරි සිදුකළ මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු 52 සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි භාරගැනීමෙන් පසුව මේජර් ජෙනරල් උදය හේරත් මෙම ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.